විවිධ හේතූන් මත අතුරුදන් වූ පුද්ගලයින්ගේ පවුල්වල ඥාතීන්ගේ සුබසාධනය වෙනුවෙන් වත්මන් රජය යටතේ නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.

ඒ අනුව එම ඥාතීන්ට එක්වරක් ගෙවීම්වලින් ඔබ්බට ගොස් දිගුකාලීන සහයක් ලබා දීමට අපේක්‍ෂා කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

අතුරුදන් වූවන් ස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව අරලියගහ මන්දිරයේදී පැවති ජාතික උත්සවයට එක්වෙමින් අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළා. එම අවස්ථාවට අමාත්‍ය බිමල් රත්නායක මහතාද එක් වුණා.