කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරාගැනීම සඳහා ඡන්ද විමසීමේ කටයුතු අවසන් වී තිබෙනවා.

එහි දී නගරාධිපතිවරයා සඳහා වන ජාතික ජන බලවේගය නියෝජනය කරමින්, ව්‍රායි කැලී බල්තසාර්ගේ නම යෝජනා වූ අතර විපක්ෂය නියෝජනය කරමින් රීසා සාරුක්ගේ නම යෝජනා වී තිබුනා.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කොළඹ මහ නගර සභාවේ 117ක් වන සමස්ත සභික සංඛ්‍යාවෙන් සභික ධුර 48ක් ජාතික ජනබලවේගයට හිමි වූ අතර සමගි ජනබලවේගයට සභික ධුර 29ක් හිමිවුණි.

එක්සත් ජාතික පක්ෂයට සභික ධුර 13ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධුර 5ක් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සභික ධුර 4ක් සහ සර්වජන බලයට සභික ධුර 2ක් හිමි වු අතර සෙසු සභික ධුර සංඛ්‍යාව අනෙකුත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතර බෙදී ගියේය.