Published
පවතින දේශපාලනික තත්ත්වයන් පිළිබඳ අදත් දේශපාලන වේදිකාවල විවිධ අදහස් පළ වුණා. සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ රජය පොරොන්දු වූ පරිදි ගොවි ජනතාවට සහන ලබා දීමට කටයුතු කළ යුතු බවයි.
රට තුළ සිදුකරන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ හැකි ඉක්මනින් අවසන් කිරීමට රජය බලාපොරොත්තු වන බවයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ.
ආණ්ඩුව ගෙන යන එම මර්දන ක්‍රියාවලියට එරෙහිව සියලු දේශපාලන පක්ෂ එකතු වී ජාතික නායකයෙකු පත් කර ගැනීම මේ මොහොතේ සිදු කළ යුතු බවයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසුවේ.
පැඩු ලබන රාජ්‍ය ආයතන සහ සමාගම් කිහිපයක් සම්බන්ධයෙන් ඉදිරියේදී රජය තිරණයක් ගැනීමට නියමිත බවයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ.
ඪ




