Published
මීරිගම, රේන්දපොල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිය බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 33 හැවිරිදි රේනදපොල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්. මරණකාරිය සමග ඇති කරගත් පවුල් ආරවුලක් හේතුවෙන් එම ඝාතනය සිදුකර ඇති බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. ඝාතනය සිදු කළ පුද්ගලයා මීරිගම පොලිස් ස්ථානයට පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් මීරිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.