ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තවත් තීරණාත්මක තරඟයක් අද පැවැත්වෙනවා. ඒ, පකිස්තානය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය අතරයි. මෙම තරඟයේ විශේෂත්වය වන්නේ අද තරඟයෙන් ජය ගන්නා කණ්ඩායමට ‘ඒ’ කාණ්ඩයෙන් අවසන් වටයට සුදුසුකම් ලබාගත හැකි වීමයි. දැනටමත් ඉන්දියාව ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටිනවා. තමන් සහභාගී වූ තරඟ දෙකෙන් එක බැගින් ජයගෙන පකිස්තානය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය සම තත්ත්වයේ පසුවනවා. මේ අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ‘බී’ කාණ්ඩය ද උණුසුම් වී තිබෙනවා. ඒ, තරඟාවලියේ අවසන් හතර දෙනාගේ වටයට පිවිසීම සඳහා එම කාණ්ඩයේ, කණ්ඩායම් තුනකටම දැන් අවස්ථාවක් උදාවීමත් සමඟයි. ඇෆ්ගනිස්ථානය පරාජය කරමින් බංග්ලාදේශය ඊයේ රාත්‍රියේ ලැබූ තීරණාත්මක ජයග්‍රහණය ඊට හේතුවයි. ශ්‍රී ලංකාව ද සිටින්නේ ‘බී’ කාණ්ඩයේයි. ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර හෙට පැවැත්වෙන තීරණාත්මක තරඟයේ ප්‍රතිඵලය මත ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් හතර දෙනාගේ වටයට ‘බී’ කාණ්ඩයෙන් පිවිසෙන කණ්ඩායම් දෙක තීරණය වනු ඇති.
Published