ඇසල පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.

බුද්ධ චරිතයේ මෙන්ම ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් අද වැනි ඇසල පුර පසළොස්වක පොහොය දිනයක සිදුව ඇති බවයි ශාසනික ඉතිහාසයේ දැක්වෙන්නේ.

භික්ෂූන් වහන්සේලා පෙරවස් සමාදන් වීම සිදු කෙරෙන්නේ ද ඇසල පුර පසළොස්වක පොහොය දිනයේදීයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පොල්ගස්ඕවිට, සියඹලාගොඩ, සඳමෙත් අරණ භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක ශාස්ත්‍රපති සියඹලාගොඩ ධම්මින්ද ස්වාමින් වහන්සේ.

ඇසල පුර පසළොස්වක පොහෝදා නෙත් එෆ් එම් රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන හලාවත, කොස්වාඩිය, ශ්‍රී විජයමංගලාරාම විහාරස්ථානයේ සිට අද දවස පුරා පැවැත් වෙනවා.

ඒ පිළිබඳ තොරතුරු නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්ගෙන්.