හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නුවරඑළිය මහනගර සභා ශාලාව ඉදිරිපිට විශාල සයිප්‍රස් ගසක අත්තක් කඩා වැටීමෙන් එම ප්‍රදේශයෙන් රථවාහන ගමනා ගමනය එක් මන්තීරුවකට සීමා කර තිබෙනවා.

නුවරඑළිය පොලීසිය පැවසුවේ ගස කපා ඉවත් කරන තෙක් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු එක් මන්තීරුවකට සීමා කරන බවයි.

හැටන් – කොළධ ප්‍රධාන මාර්ගයේ වටවල, කුයිල්වත්ත ප්‍රදේශයේදී මාර්යට විශාල ගසක් කඩා වැටීමෙන් දුරකථන රැහැන් සහ කණුවලට දැඩි ලෙස අලාභ හානි සිදුව තිබෙනවා.

වටවල පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ පවතින අයහපත් කාලගුණය තත්ත්වය හේතුවෙන් එම මාර්ගයේ සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙසයි.

අධික වර්ෂාවත් සමග ඩෙවෝන් දිය ඇල්ලේ ජල ධාරිතාව ඉහළ ගොස් ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.