සෞදි අරාබිය, තුර්කියේ සහ පාකිස්තානය අතර ඇති කරගත් ත්‍රෛපාර්ශවික ආරක්ෂක ගිවිසුම ක්‍රියාත්මක වීමත් සමඟ ඉරානය ඒ පිළිබඳව සිය දැඩි විවේචනය එල්ල කර තිබේ.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ යේමන අර්බුදයට මැදිහත් වීමෙන් වැළකී සිටින ලෙස එහිදී ඉරානය අනතුරු අඟවා ඇති අතර, ටෙහෙරානය සහ වොෂින්ටනය අතර මැදිහත්කරුවෙකු ලෙස පාකිස්තානය ඉටු කරන භූමිකාව පිළිබඳව ද ප්‍රශ්න කර ඇති බවයි.
සෞදි අරාබියේ යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් හූති කැරලිකරුවන් එල්ල කරන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර ඉහළ යාමත් සමඟ, ඉකුත් ඔක්තෝබර් 5 වැනිදා සිට මෙම ආරක්ෂක ගිවිසුම නිල වශයෙන් ක්‍රියාත්මක විය. සෞදි අරාබියට සහාය වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම ආරම්භ කර ඇති බව තුර්කියේ සහ පාකිස්තානය තහවුරු කර තිබේ.
මෙම රාජ්‍යයන් තුන අතර ඇති කරගත් එකඟතාවන්ට අනුව, පාකිස්තාන සහ තුර්කියේ සන්නද්ධ බලකායන් විසින් සෞදි අරාබිය තුළ ආරක්ෂක හැකියාවන් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය හමුදාමය, තාක්ෂණික සහ බුද්ධි තොරතුරු සහාය ලබා දීමට නියමිතය. කෙසේ වෙතත්, එම බලකායන් යේමනය තුළ සිදුකෙරෙන ප්‍රහාරාත්මක මෙහෙයුම් සඳහා සහභාගී නොවන බව නිලධාරීහු පවසති.
සෞදි අරාබිය වෙත දසදහස් සංඛ්‍යාත පාකිස්ථාන සෙබළුන් යෙදවීමට සූදානම් වන බවට පැතිර යන වාර්තා සම්බන්ධයෙන් ඉරිදා අදහස් දැක්වූ ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මයිල් බගායි "අපටත් මෙම කටකතාව අසන්නට ලැබුණා. අප බලාපොරොත්තු වන්නේ එය අසත්‍යයක් වනු ඇති බවයි" යනුවෙන් පැවසීය.
යේමන අර්බුදයට කෙරෙන ඕනෑම මැදිහත්වීමකින් කලාපයට අනිටු ප්‍රතිවිපාක ඇති විය හැකි බව කලාපයේ රටවල් හොඳින්ම දැනුවත් බව පැවසූ ඔහු තෛපාර්ශවීය ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම වැනි සම්මුතීන් මුස්ලිම් ප්‍රජාවේ යහපතට සහ නාමයට එරෙහිව භාවිත නොවනු ඇතැයි අපේක්ෂා කරන බවද වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය අගෝස්තු මාසයේදී සෞදියේදී අත්සන් කරන ලද මෙම සවුදි - තුර්කියේ - පාකිස්තාන ආරක්ෂක ගිවිසුමට අනුව, එම රටවල් තුනෙන් ඕනෑම එකකට එල්ල වන ප්‍රහාරයක් රටවල් තුනටම එල්ල වූ ප්‍රහාරයක් ලෙස සලකා කටයුතු කිරීමට එකඟතාව පළ කර ඇත.



