කල්කුඩා, පාසිකුඩා මහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු රළ පහරකට හසුවී අතුරුදන් වී තිබෙනවා.

එලෙස අතුරුදන් වී ඇත්තේ පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39ක් වන පුද්ගලයෙකු බවයි පොලිසිය පැවසුවේ.

අතුරුදන් වූ එම පුද්ගලයා සොයා පොලිස් හා නාවික ජීවිතාරක්ෂක නිලධාරින් සහ ප්‍රදේශවාසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.