Published
සිය ගැටළුවලට පිළිගත හැකි විසදුම් නොලැබුණහොත් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් දක්වා දැඩි කිරිමට පියවර ගන්නා බව විදුලිබල වෘත්තීය සමිති අනතුරු අඟවනවා.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ රජයේ වැඩපිළිවෙළ නිසි ආකාරයෙන් සිදු වී නොමැති බව පවසමින් ඔවුන් මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය පසුගියදා ආරම්භ කළා.
කෙසේවෙතත් තමන්ට සැහීමකට පත්විය නොහැකි විසදුම් ලබාදීමට බලධාරින් අපොහොසත් වුවහොත් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරන බවයි විදුලි ඉන්ජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා පැවසුවේ.
සිය ගැටළුවලට නිසි විසදුම් නොලැබුණහොත් ඉදිරියේදි ගන්නා පියවරයන් සම්බන්ධයෙන්ද ඔහු කරුණු දැක්වුවා.




