සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටිනවා.

2025.07.21 වන දින කිරිබත්ගොඩ පොලිස් ස්ථානය මඟින් සිදු කරන ලද වැටලීමකදී ටී - 56 ගිනි අවියක් සන්තකයේ තබාගෙන ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබූණා.

පසුව එම සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්බෝම්බ සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

ඉහත සැකකරුවන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන සිදු කරන ලද වැඩිදුර විමර්ශන වලදී තවත් අත්බෝම්බ සන්තකයේ තබාගෙන සිටින සැකකරුවෙකු හා එම ක්‍රියාකාරකම් වලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පිළිබදව තොරතුරු අනාවරණය විය.

ඒ අනුව එම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වව්නියාව ප්‍රදේශයට ගොස් තිබූ අතර ඒ වන විට එම සැකකරුවන් තම පදිංචි ප්‍රදේශයන් අතහැර පලා ගොස් තිබෙනවා.

සිට ඇති අතර එම සැකකරුවන් තිදෙනාගේ විස්තර පහත පරිදි වේ.

ජිවරාස සුජීපන් (අවුරුදු 30)

ලිපිනය - ගාන්ධි නගර්, නෙරියකුලම, වව්නියාව
ජා.හැ.අංකය - 950554215V

ඉලන්කෝ ඉසයිවිතන් (වයස - 27)

ලිපිනය - අංක 379, 03 වන කොටස,
මැණික්ෆාම්, සෙට්ටිකුලම්
ජා.හැ.අංකය - 199836210402

මහේන්දිරන් යෝගරාසා (වයස - 27)

ලිපිනය - අරාලි බටහිර, වඩුකොට්ටෙයි
ජා.හැ.අංකය - 981633881V

එම සැකකරුවන් තිදෙනාගේ විස්තර පහත පරිදිවන අතර, ඔවුන් පිළිබද යම් තොරතුරක් වෙතොත් ස්ථානාධිපති - ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය - 071-8591966 සහ ස්ථානාධිපති විමර්ශන අංශය 071-8596150 දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.