Published
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අනුරාධපුර සහ පොළොන්නරු දිස්ත්‍රික්වල සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පිරිසක් එක්දින වර්ජනයක් සිදුකිරීමට සූදානම් වනවා.
ඒ අනුව ලබන 6 වනදා එම දිස්ත්‍රික්ක දෙකේ සෑම රෝහලකම, ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයකම සහ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල සේවයේ යෙදී සිටින සෞඛ්‍ය කාර්ය සහයක සහ උපස්ථායකවරුන් එලෙස වර්ජනයේ නිරත වන බවයි ලංකා ජනජය සෞඛ්‍ය සේවා සංගමයේ භාණ්ඩාගාරික මංජුල ද සිල්වා මහතා පැවසුවේ.
2025 වාර්ෂික ස්ථානමාරු නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම, ආහාර දීමනාව වැඩි කර ගැනීම, උග්‍ර සේවක හිඟයට බලධාරින් විසදුම් නොගැනීම ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් වනවා.
සිය ගැටළු සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරින් සහ උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයා සමග සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීමට ගත් උත්සහයන් අසාර්ථක වූ බවද එම සංගමය වැඩිදුරටත් පැවසුවා.




