පානදුර පොලිස් වසමේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මැලේසියාව වෙත පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි සැකකරු මුහුණු මගින් පුද්ගලයන් හඳුනාගැනීමේ පද්ධතිය ඔස්සේ හඳුනාගැනීමෙන් අනතුරුවයි.

ඔහු අද මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා පිටත්ව යන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු පසුගිය 11 වන දින පානදුර, හිරණ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට අවශ්‍යව සිටි පුද්ගලයෙකු වනවා.

පානදුර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සැකකරු සිය භාරයට ගෙන රැගෙන ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.