Published
මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක සිදු කළ වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුලත් කළ කාන්තාව මියගොස් තිබෙනවා.
ඊයේ රාත්රි 8.30ට පමණ කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක මුදල් අයකැමි ලෙස සිටි එම කාන්තාවට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා තිබුණා.
පසුව බරපතල තුවාල ලබා සිටි කාන්තාව බලපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කර සිටියේ.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 48 හැවිරිදි මීටියාගොඩ ප්රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.
වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ අවියක් යොදාගෙන ඇති බවට පොලිසිය සක පල කරන්නේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා මීටියාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.




