ගම්පහ නගරය හා ඒ අවට අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම්වලට මහ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා

ඉදිරි පැය 6ක කාලය තුළ මහ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ

ජීවිත හා දේපොළ ආරක්ෂා කර ගැනීමට දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසත් එම ප්‍රදේශවල පදිංචි ජනතාව මෙන්ම නගරයේ වෙළෙඳසැල් හිමිකරුවන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයෙන් ඉල්ලා සිටිනවා.

අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට මේ වනවිට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කර සිටියේ