නේපාලයේදී අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය ඇතුළු පිරිස අද දිනයේදී මෙරටට රැගෙන ඒමට සැලසුම් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
ඊට අදාල තවත් කටයුතු සම්පූර්ණ විය යුතු බවත්, ඊට අදාලව පියවර ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත පැවසුවා.
ඔවුන් පිරිස මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකාවෙන් තවත් කණ්ඩායමක් නේපාලය බලා පිටත්ව යාමට නියමිත බවයි ආනන්ද විජේපාල මහතා පැවසුවේ.
එම කණ්ඩායම බොහෝ දුරට අද දිනයේ නේපාලයට පිටත්ව යාමට වැඩි ඉඩක් ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.
පොලිස්පතිවරයාගේ ඍජු මැදිහත්වීම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විශේෂ පොලිස් කණ්ඩායමක් ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකින් ඉෂාරා සෙව්වන්දි නේපාලයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.
ඇය අත්අඩංගුවට ගත්තේ මෙරට විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් රාජතාන්ත්‍රීක අනුග්‍රහය යටතේ එරටදී සිදුකළ මෙහෙයුමකින් අනතුරුව බවයි පොලිසිය පැවසුවේ.
ඉෂාරා සෙව්වන්දි සමඟ තවත් සැකකරුවන් සිව්දෙනෙකු එහිදී අත්අඩංගුවට පත් වුණා.
ඒ අතරට තවත් කාන්තාවක් හා කෙහෙල්බද්දර පද්මේගේ සමීපතයන් තිදෙනෙකු ද අයත්.
එමෙන්ම ඉෂාරා සෙව්වන්දිට රැකවරණය දුන් ද්‍රවිඩ පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.


