හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි දේශපාලන කටයුතුවලදී එක්ව කටයුතු කිරීමට ගත් තීරණය දේශපාලන වශයෙන් ගනු ලැබූ යහපත් තීරණයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

විපක්ෂයක් ලෙස සියලුම කණ්ඩායම් එක්ව වත්මන් ආණ්ඩුවට අභියෝග කළ යුතු බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළා.

ජනතාවට ලබාදුන් බලාපොරොත්තු මේ වනවිට වත්මන් රජය ඉටු කරමින් සිටින බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

පොදු සංවර්ධන කටයුතු සඳහා විශාල මුදලක් ද වෙන් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතු වී තිබෙන ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මෙලෙස අදහස් දැක්වූවා.