ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂක ගෙන ආ විශ්වාසභංග යෝජනාව කතානායකවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේදී උණුසුම් වාද විවාද ඇති වුණා.

එම උණුසුම් වාතාවරණය හමුවේ එක් අවස්ථාවකදී පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 10කට අත්හිටුවීමටද කතානායකවරයාට සිදු වුණා.

මෙම සංවාදය ඇති වුණේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කිරීමත් සමඟයි.

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එහිදී මෙලෙස අදහස් දැක්වූවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා එහිදී දැක්වූයේ මෙවන් අදහසක්.

සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා එම විවාදයට මැදිහත් වීමත් සමග විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ගර්භයේ ඝෝෂා නගමින් විරෝධතා දැක්වූයේ මෙලෙසයි.

මෙම අවස්ථාවේ සභා ගර්භයේ ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 10කට අත්හිටුවීමට කතානායකවරයා තීරණය කළා.

පාර්ලිමේන්තුවේ කටයුතු යළි ආරම්භ වීමෙන් පසුවද විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආරක්ෂ නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කළා.

එම අවස්ථාවේදී සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා ද අදහස් දැක්වීමත් සමග නැවත වරක් සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති වූයේ මෙලෙසයි.

ඉන් අනතුරුව සභාවේ ඇති වුණේ මෙවන් සංවාදාත්මක තත්ත්වයක්.