18 වැනි බ්‍රික්ස් (BRICS) රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියෑන් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වෙත පැමිණියේය.
ගුවන්තොටුපළ වෙත පැමිණි ඉරාන ජනාධිපතිවරයාව ඉන්දියාවේ වරාය, නාවික හා ජලමාර්ග අමාත්‍ය ශාන්තනු ඨාකූර් විසින් පිළිගන්නා ලදී.
ටෙහෙරාන් නුවරින් පිටත්ව යාමට පෙර අදහස් දැක්වූ ජනාධිපති පෙසෙෂ්කියෑන් සඳහන් කළේ, ලොව ඒකපාර්ශ්විකත්වයට එරෙහිව කටයුතු කිරීමටත් ආර්ථික, වෙළඳ, කාර්මික හා විද්‍යාත්මක සහයෝගීතාව වර්ධනය කිරීමටත් බ්‍රික්ස් සංවිධානයට විශාල හැකියාවක් පවතින බවයි.
එමෙන්ම මෙම සමුළුව සාමාජික රටවල් අතර සම්බන්ධතා පුළුල් කරගැනීමට ලැබෙන වැදගත් අවස්ථාවක් බවද ඔහු පැවසීය.
වර්තමානය වන විට පූර්ණ සාමාජිකයින් 11 දෙනෙකු සහ "බ්‍රික්ස් ප්ලස්" ලෙස හැඳින්වෙන නව සාමාජිකයින් 10 දෙනෙකු ඇතුළුව බ්‍රික්ස් සංවිධානය සාමාජික රටවල් 21 කින් සමන්විත වේ.
මෙම සංචාරය අතරතුර ඉරාන ජනාධිපතිවරයා ප්‍රධාන බ්‍රික්ස් රාජ්‍ය නායක හමුව, බ්‍රික්ස් ආර්ථික සංසදය මෙන්ම ගෝලීය පාලනය සහ බහුපාර්ශ්විකත්වය ශක්තිමත් කිරීම පිළිබඳ පැවැත්වෙන නායකයින්ගේ විශේෂ සංවෘත සභාව ඇමතීමට නියමිතය.
ඊට අමතරව, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, මැලේසියානු අග්‍රාමාත්‍යවරයා, දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ඇතුළු සමුළුවට එක්වන අනෙකුත් රාජ්‍ය නායකයින් සහ රාජ්‍ය නිලධාරීන් සමගද ඔහු ඉහළ පෙළේ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇත.




