දෙහිවල සිරි සඟ බෝ ප්‍රදේශයේ නිවසකට අද අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

නෙත් නිවුස් කළ විමසිමකදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යු වුට්ලර් මහතා පැවසුවේ දෙහිවල පොලිස් ස්ථානය සහ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශනය මගින් එම විමර්ශන සිදුකරන බවයි.

අදාළ නිවසට එල්ල වූ එම අත්බෝම්බ ප්‍රහාරයෙන් නිවසේ සිටි අවුරුදු 11ක් සහ අවුරුදු 17ක් වයසැති ළමුන් දෙදෙනෙකු ජිවිතක්‍ෂයට පත් වුණා.

එහිදී එම ළමුන් දෙදෙනාගේ පියාද බරපතල තුවාල ලබා කළුබෝවිල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කූඩු අංජු නමැත්තාගේ පාර්ශවයෙන් එම අත්බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.