විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ දූත නිලධාරියා යොමු කළ ලිපියට අදාළව කරුණු දැක්වීමට රජය තීරණය කර තිබෙනවා.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ විදේශ කටයුතු අමාත්‍යංශය මගින් එම කරුණු පැහැදිලි කිරීම සිදු කිරීමට නියමිත බවයි.

විසි දෙවන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මේ බව කියා සිටියා.