අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ බදු තවදුරටත් අඩු කරගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදිත් සාකච්ඡා කිරීමට අපේක්‍ෂා කරන බව මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු සියයට 44 සිට සියයට 20 දක්වා අඩු කර ගැනීමේ කටයුත්ත පහසු කටයුත්තක් නොවූ බවයි.

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේ අමෙරිකාව විසින් බදු අඩු කිරීම හමුවේ ශ්‍රී ලංකාවට වඩා හොඳ අවස්ථාවක් නිර්මාණය වී ඇති බවයි.

බදු අඩු කර ගැනීමේදී ශ්‍රී ලංකාව එකඟ වූ කොන්දේසි මොනවාදැයි මෙහිදී ප්‍රශ්න කෙරුණා.

මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මෙම අදහස් පළ කළේ අමෙරිකානු තීරු බදු අඩු කිරීම සම්බන්දයෙන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.