මේ වන විට රට තුළ ඇති වී තිබෙන ආර්ථික ස්ථාවරත්වය මත පදනම්ව ඉදිරි ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබෙනවා.
එහිදී කර්මාන්තකරුවන්ට සහ ආයෝජකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීමට රජය නොපැකිළව කටයුතු කරන බවයි පවසා ඇත්තේ.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඇගලුම් ක්ෂේත්රයේ පාර්ශ්වකරුවන් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවකට ජනාධිපති කාර්යාලයේදී එක් වෙමින්.
මෙහිදී දැනට පවතින කර්මාන්ත වෙනුවෙන් පහසුකම් සැපයීම තුළින් පළමු වටයේදී අපේක්ෂිත වර්ධන ඉලක්ක ළඟා කර ගැනීම සඳහා ප්‍රවේශයක් ලබාගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එහිදී සෑම රුපියලක්ම වඩා ප්රතිඵලදායී ආයෝජන වෙනුවෙන් යෙදවීම රජයේ ප්‍රතිපත්තිය බව පෙන්වා දී තිබෙනවා.
නිෂ්පාදන පිරිවැය ඉහළ යාම ඇතුළු ඇඟලුම් ක්ෂේත්රයේ නව අභියෝග සහ අවස්ථා පිළිබඳවද පාර්ශ්වකරුවන් විසින් මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
සියලු ක්ෂේත්‍ර සඳහා බදු සහන හිමි විය යුතු බව රජය පිළිගන්නා බවත්, රජයේ ආදායම් තත්ත්වයට සාපේක්ෂව රටේ ආර්ථිකයද ආරක්ෂා කර ගනිමින් ඉදිරියේදී එම සහන ලබා දීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා එහිදී පවසා තිබෙනවා. අමෙරිකා එක්සත් ජනපදය “අන්‍යෝන්‍ය තීරුබදු” ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට පනවා තිබූ තීරුබදු සම්බන්ධයෙන් ඉදිරියේදී තවදුරටත් සහන ලබා ගැනීමට මැදිහත් වන ලෙසයි එහිදී ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.
එමෙන්ම, ඇඟලුම් ක්ෂේත්රයේ කටයුතු කරගෙන යාමේදී මතුව ඇති ගැටලු පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙනවා.
ලෝක වෙළෙඳපොළ තුළ මේ වන විට ශ්‍රී ලංකාවට ඇති නව අවස්ථා ඵලදායී ලෙස යොදා ගැනීමට සහ අභියෝගයන්ට මුහුණ දීමට ගත හැකි පියවර පිළිබඳවද සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. මෙම කරුණු පිළිබඳ ඉදිරි විදේශ නිල සංචාරවලදී අවධානය යොමු කරන ලෙසද පැමිණ සිටි නියෝජිතයන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
මේ වන විටත් රජයේ අවධානය යොමුව තිබෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් වූ සංවර්ධන බැංකුවක අවශ්‍යතාව මෙහිදී පැමිණ සිටි නියෝජිතයන් විසින් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ.
Published