පොළොන්නරුව - හබරණ ප්රධාන මාර්ගයේ මින්නේරිය හතේ කණුව ප්රදේශයේ අද අළුයම සිදුවූ බස් රථ අනතුරෙන් පුද්ගලයන් විසි දෙනෙකු තුවාල ලැබුවා.
ඒ අතර වයස අවුරුදු තුනක සහ වයස අවුරුදු 13 ක දරුවන් දෙදෙනෙකුද සිටින බවයි පොලීසිය පැවසුවේ.
එමෙන්ම බස් රථ රියදුරා සහ රිය සහායකවරයාද තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූ පිරිසෙන් 16 දෙනෙකු පොළොන්නරුව රෝහලටත් සෙසු පිරිස හබරණ රෝහලටත් ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
එම බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේ එහි මගීින් 40 ක් පමණ රැදී සිට තිබෙනවා.
මැදිරිගිරියේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ අදාළ බස් රථය අනතුරට ලක්ව ඇත්තේ අද අළුයම 5.40 ට පමණයි. අධික වේගයෙන් ධාවනය වූ එම පෞද්ගලික බස් රථ පෙරළී ගොස් අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
අධික වේගයෙන් ධාවනය වූ බස් රථය රියදුරාට පාලනය කර ගැනීමට නොහැකිව එම අනතුර සිදුව ඇති බටයි සිදුකළ මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.




