ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය 27 වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි.
අද දිනයේද පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා මහජනතාව සඳහා පොත් ප්‍රදර්ශනය විවෘතයි.
ඊයේ රාත්‍රිය වනතෙක්ම පාඨක ජනතාව විශාල වශයෙන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණෙනු දැකගත හැකි වුණා.
මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියේව වන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.
අවශ්‍යතා සහිත පාසල් දරුදැරියන්ට පොත් පත් පරිත්‍යග කිරීමට මෙවරත් ප්‍රදර්ශණ භූමියේ ඇති නෙත් එෆ් එම් කුටියේ පොත් කැටය වැඩසටහන ක්‍රියාත්මක වනවා.
දක්ෂතා දක්වන දරු දැරියන්ගේ හඩ පරීක්ෂණ වැඩසටහනක්ද එහි ස්ථාපිත නෙත් එෆ් එම් ඇල්ෆා ස්ටුඩියෝ හිදී සිදුවනවා.
ඊයේ දිනයේද එලෙස පැමිණි දරුවන් බොහෝ පිරිසක් සිය දක්ෂතා දැක්වූවා.
එහිදී නෙත් අපිට පොතක් විශුවල් කල පුතෙක් මුණ ගැසුණා. ඔහු කවි පොතක් ලියා ඇති නමුත් එය සුවිශේෂි පොතක්.
මේ, ඒ පිළිබද නෙත් අපි ඔහු සමග සිදු කල සංවාදයක්.
ඔක්තෝබර් 04 වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී මෙම ප්‍රදර්ශනය පැවැත්වෙනවා.




