අන්තරාදායක ලෙස අමතර කොටස් සවිකර ධාවනය වන රථවාහන සම්බන්ධයෙන් හෙට සිට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා. ඝෝෂාකාරී විවිධ නාද රටා, නිවි නිවී දැල්වෙන විවිධ වර්ණ සහිත අමතර පහන් සවිකර ධාවනය කෙරෙන රථවාහන පිළිබඳ මෙහිදී විශේෂ අවධානයක් යොමුකරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නියෝජ්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මේ බව පැවසුවා. මේ අතර පසුගිය කාලයේ සිදුවූ දරුණු අනතුරු හේතුවෙන් සහ ඉකුක් දා ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව ආසන්නයේදි සිදුවූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සලකා නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මෙම තීරණය ගෙන තිබෙනවා. ඉකුක් දා ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව ආසන්නයේදි සිදුවූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ බස් රථ රියදුරුගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීම සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට තීරණය කර තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ එම රියදුරු මත්පැන් පානය කර සිටියේ ද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහා එලෙස ඔහුගේ රුධිර සාම්පල රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට පියවර ගන්නා බවයි පොලිසිය පැවසුවේ. පසුගිය බ්‍රහස්පතින්දා සිදුවූ අදාළ බස් රථ අනතුරෙන් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තවත් 17 දෙනෙකු තුවාල ලැබුවා.
Published