ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්රයට අදාළ හතරවන අදියර යටතේ රැකියා සඳහා, මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව ලබාදී ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
ඒ අනුව එම කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිස අදාළ රැකියා සඳහා ලියාපදිංචි විය හැකියි.
ඒ සඳහා ලබන 14 වනදා තෙක් එම වෙබ් සබැදිය විවෘත කර ඇති බවයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.
ඒ අනුව අයදුම් කළ හැකි රැකියා කාණ්ඩයන් ලෙස ප්‍රතිසංස්කරණ සිදුකරන්නන්, සෙරමික් ටයිල් අතුරන්නන් සහ කපරාදු යන කාණ්ඩයන් නම් කර තිබෙනවා.
මේ යටතේ අයදුම්කරුවන් 1,500ක් බඳවා ගැනීමට නියමිත අතර එම රැකියා තෝරාගන්නා පුද්ගලයින්ට මාස 63ක කොන්ත්‍රාත් කාල සීමාවක් හිමිවනු ඇති.
වයස අවුරුදු 25ත් 45ත් අතර, මීට පෙර ඊශ්‍රායල් රාජ්‍යයේ සේවය කර නොමැති, අවම වශයෙන් 10 ශ්‍රේණිය සමත් පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකි බවද ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළා.



