පසුගිය පෙබරවාරි මස 09 වනදා දිවයින පුරා විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රසිද්ධ සාක්ෂි විමසීම ආරම්භ කර තිබෙනවා. ඒ, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදීයි. එහිදී ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරීන්, සාමාන්‍ය අධිකාරිවරුන්, විදුලි ඉංජිනේරුවන්, පරිපාලක නිලධාරීන්, කාර්මික නිලධාරීන් ඇතුළු විසිදෙනෙකු සාක්ෂි ලබාදී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. එදින විදුලිය බිඳ වැටීමට හේතු පිළිබඳ එහිදී සාක්ෂි විමසා ඇති අතර විදුලිය බිඳ වැටීමට පෙර පද්ධති තුළ පැවති තත්ත්වය, එසේ සිදුවීමට හේතු, විදුලිය බිඳවැටීමට හේතු වූ ක්‍රියා පටිපාටිය, එම බිඳවැටීමෙන් පසුව ගත් ක්‍රියා මාර්ග, තීරණ සහ විදුලිය බිඳ වැටීමෙන් අනතුරුව සිදුකළ මෙහෙයුම් පිළිබඳ සාක්ෂි විමසීමෙන් අනතුරුව කරුණු අනාවරණය කර තිබෙනවා.