ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 02.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු මැද සහ වයඹ පළාත්වලත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝ මීටර් 30ක 40ක පමණ තරමක් තද සුළං ඇතිවිය හැකි බවද අද උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන්.
මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීම ලබන 07 වනදා දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද දහවල් 12.10ට ආඬිගම, බලල්ල, මීගස්වැව, බඹරගස්වැව, බකමූණ, අරලගංවිල, චෙන්කලඩි සහ එරාවුර් යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.




