Published
ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටින සුරේෂ් සලේ මහතා සම්බන්ධ නඩුකරය යළි ජුලි මස 01 වනදා කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය නියම කළා.
එතෙක් සැකකාර සුරේෂ් සලේ රැඳවුම් භාරයේ තබාගෙන එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා විසින් නියම කරනු ලැබුවා.
දැඩි ආරක්ෂක විධිවිධාන මැද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මොහු අධිකරණයට රැගෙන විත් තිබුණා.
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාලව සුරේෂ් සලේ මහතා ඉකුත් පෙබරවාරි මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තා.
ඉන් අනතුරුව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්රශ්න කිරීම සිදු කෙරෙනවා




