මාතර, වෙරළ පාර ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු අවන්හලක හිමිකරුවෙකුට වෙඩි තබා පලා ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. කෙසේවෙතත් වෙඩි ප්‍රහාරයට ඉලක්ක වූ පුද්ගලයාට වෙඩි වැදී නොමැති බවද පොලීසිය පැවසුවා. සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.