නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීම සඳහා ආණ්ඩුව අඛණ්ඩව කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ ඉකුත් සමයේ රටේ සිදු වූ විවිධ අපරාධ සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණ ක්‍රියාත්මක බවයි.

වර්තමාන ආණ්ඩුව නීතියේ ආධිපත්‍ය තහවුරු කරමින් සිටින බවත් තරාතිරම නොබලා නීතිය එක ලෙස ක්‍රියාත්මක වන බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් පැවසුවා.