හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි අනුෂ්කා විජේනායක මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

ඒ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට නව ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකදීයි.

මෙම නඩුවේ දෙවන සැකකරිය වන ප්‍රියංකා නියෝමාලි විජේනායක මහත්මිය වෙනුවෙන් ඇපකරුවන් ලෙස ඉදිරිපත් වී අත්තේ අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි අනුෂ්කා විජේනායක මහත්මියයි.

එම ඇප සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා නඩුව අද කැඳවා තිබුණු අතර එහෙත් අරවින්ද ද සිල්වා මහතා සහ ප්‍රියංගි අනුෂ්කා විජේනායක මහත්මිය අධිකරණයේ පෙනීසිටියේ නැහැ.

ඒ සම්බන්රධයෙන් කරුණූ දක්වමින් අරවින්ද ද සිල්වා මහතාගේ නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ අරවින්ද ද සිල්වා මහතාගේ මවගේ අවසන් කටයුතු අද සිදුකරන බවයි.

ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටියේ ඒ අනුව බව ද නීතීඥවරයා පැවසුවා.

මෙම කරණු දැක්වීම ද සැලකිල්ලට ගනිමින් අධිකරණය කියා සිටියේ වරෙන්තු ආපසු කැඳවීම සඳහා අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිද අධිකරණය හමුවට කරුණු ඉදිරිපත් කරන අවස්ථාවේදී මෙම කාරණය අධිකරණයේ අවධානයට යොමු කරන ලෙසයි.