Published
වී අස්වනු නෙළීම ආරම්භ වී ඇති සමයේ දැන් යළි, වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ වාද විවාද ඇතිවී තිබෙනවා. වී මිලදී ගැනීම ක්‍රමවත් ලෙස සිදුවන බව ආණ්ඩුව ප්‍රකාශ කළද ගොවි සංවිධාන පවසන්නේ ආණ්ඩුව ප්‍රකාශ කරන තරම් සුන්දර තත්ත්වයක් බිම් මට්ටමේ නොමැති බවයි. මේ, අනුරාධපුර දිස්ත්‍රික් මහ වාරී ගොවි සංවිධානයේ ප්‍රධාන ලේකම්, පුංචිරාළ රත්නායක මහතා.
කෙසේවෙතත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමට එක්වෙමින් වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සක්‍රීයව සිදු වන බවයි. එහෙත් මහවැලි බෙදුම් ඇල ගොවි සංවිධානයේ සභාපති, සමන්ත කුමාර මහතා පැවසුවේ ආණ්ඩුව බලයට පැමිණීමට පෙර සිදු කළ ප්‍රකාශ කිසිවක් තවමත් යථාර්ථයක් වී නොමැති බවයි. කෘෂිකර්ම අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා නිකවැරටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.