Published
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු අද ආරම්භ වුණා.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. 1964 වසරේ ඉදිකර ඇති පිටකොටුව බස්නැවතුම්පොළ එලෙස ප්‍රතිසංස්කරණයට ලක්වන්නේ අවුරුදු 60කට පසුව වීම විශේෂත්වයක්.
එහි පැවති සමාරම්භක උත්සවය ඇමතූ ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ රටේ ආර්ථිකය ඉහළ නැංවීමට පොදු ප්‍රවාහනය දියුණු කිරීම ඉතා වැදගත් බවයි.
පසුගිය ආණ්ඩු සමයන්හිදී මෙරට පොදු ප්‍රවාහන පද්ධතිය බිඳ වැටී තිබූ බව ප්‍රවාහන අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසුවා.
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු අද වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 424ක් වනවා.
අදාළ නවීකරණය යටතේ බස් නැවතුම්පොළට නව විවේකාගාර, තොරතුරු සන්නිවේදන ස්ථාන, ආරක්ෂක පද්ධති ඇතුළු අංග රැසක් ස්ථාපිත කිරීමට නියමිතයි.




