Published
ඇදහැළෙන මහ වැසි හේතුවෙන් වැල්ලවාය සහ අවට ප්‍රදේශ කිහිපයක්ම ජලයෙන් යට වී තිබෙනවා.
වැල්ලවාය, ඇතිලිවැව, තෙලුල්ල, සෝමියල් හංදිය සහ ගංගාරාම විහාරස්ථානය අසලින් මාර්ග ද ජලයෙන් යට වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
මේ හේතුවෙන් එම මාර්ගවල ගමනා ගමනයට ඊයේ රාත්‍රි බාධා එල්ල වී තිබුණා.
කෙසේවෙතත් ජලය බැසයාමත් සමග අද උදෑසන එම මාර්ග හරහා ගමනා ගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.
මේ අතර අද දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණ, වයඹ, උතුරු සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.






