ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමූහය 2026 වසරේ පළමු අර්ධය තුළ කැපී පෙනෙන මූල්‍ය වර්ධනයක් වාර්තා කර තිබෙනවා.

ඒ අනුව, පසුගිය වසරේ පළමු අර්ධයට සාපේක්ෂව මෙවර සමූහයේ බදු පසු ලාභය සියයට 54.4 කින් ඉහළ ගොස් ඇති අතර,

එම මුදල රුපියල් බිලියන 6.6 ක්. එමෙන්ම 2026 පළමු අර්ධය තුළ සමූහයේ සමස්ත ආදායම සියයට 11.1 කින් ඉහළ ගොස් රුපියල් මිලියන 61,314 ක් ලෙස සටහන්ව තිබෙනවා.

එමෙන්ම මෙරට තුළ 5G සහ කෘත්‍රිම බුද්ධිය තාක්ෂණයන් තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා SLT- MOBITEL සමාගම පෙරමුණ ගෙන කටයුතු කරමින් සිටිනවා.

ඒ යටතේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය හා එක්ව 'Sri Lanka AI Week 2026'  සංවිධානය කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.