මෙරට සිදු වන රිය අනතුරු ආර්ථිකයටද දැඩි බලපෑම් එල්ල කරන බව නීතිඥ රවී ජයවර්ධන මහතා පවසනවා.

අද උදෑසන ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අලුත් බැලුම්ගල වැඩසටහනට එක්වෙමින් ඔහු ඒ පිළිබඳව මෙලෙස අදහස් පළ කළා.

එලෙස සිදු වන අනතුරු අවම කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නැද්ද?

මේ අතර, පාසල් පැවැත්වෙන දිනවල උදෑසන 06: 30 සිට 07: 45 දක්වා සහ උදෑසන 11: 30 සිට පස්වරු 02:30 දක්වා කාලය තුළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදුකිරීම අද සිට තහනම් වනවා.

ඒ, භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය ගනු ලැබූ තීරණයකට අනුවයි. ඒ සම්බන්ධයෙන්ද නීතිඥ රවී ජයවර්ධන මහතා නෙත් එෆ් එම් අලුත් බැලුම්ගල වැඩසටහනේදී අදහස් පළ කළා.