Published
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහත වැටී තිබෙනවා.
ඒ, අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය යුද්ධය නතර කිරීම සදහා එකඟතාවකට පැමිණ ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟයි.
ඒ අනුව ඉරාන - අමෙරිකා යුද ගැටුම ආරම්භ වීමත් සමඟ ඉහළ ගිය ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල, ඉන් පසුව වාර්තා කළ අඩුම අගය මෙය වනවා.
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අද අමෙරිකානු ඩොලර් 83.53ක් දක්වා පහත වැටුණු අතර අමෙරිකානු WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 80.74 දක්වා පහළ වැටී ඇති බවයි වෙළදපොල වාර්තාවල දැක්වෙන්නේ.
බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් තුනයි දශම අටකින් පමණ පහත වැටි ඇති අතර WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් හතරයි දශම එකයි 4 කින් පමණ පහත වැටී ඇති බවද එම වාර්තාවල සදහන්.




