Published
විදෙස්ගතව සිට මෙරට පාතාලය සහ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය මෙහෙයවන ප්‍රධාන පෙළේ පුද්ගලයින් මෙරටට ගෙන ඒම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. ජාත්‍යන්තර පොලීසිය සමග එක්ව මේ වන විටත් නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි ඔහු පැවසුවේ.
තමන් ඇතුළු සෙසු පොලිස් නිලධාරීන් දේශපාලකයින්ගේ උවමනාවලට යටත් නොවන බවත් මෙතෙක් දේශපාලන බලපෑම් පොලීසිය වෙත එල්ල වී නොමැති බවයි පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.