Published
පළාත් පාලන සතියට සමගාමීව නෝර්වුඩ් සිට බගවන්තලාව දක්වා කිලෝමීටර් 10ක් දුරට මාර්ගයෙහි එක් පසෙක රුක් රෝපණ වැඩසටහනක් අද සිදු කෙරුණා.
එම රුක් රෝපණ වැඩසටහන දියත් කරනු ලැබුවේ නෝර්වුඩ් ප්රාදේශීය සභාව, හැටන් වනසංරක්ෂණ කාර්යාලය, වෙන්චර්, ටින්සින්, බගවන්තලාව සහ කොටියාගල යන තේ වතුවල පාලන අධිකාරිය එක්වයි.
ටූනා, යූකැලැප්ටිස් සහ සපු ඇතුළු එම ප්රදේශයට ආවේණික පැල වර්ග එලෙස රෝපණය කර තිබෙනවා.
රුක් රෝපණ වැඩසටහනට නෝර්වුඩ් ප්රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුලු නාගරික මන්ත්රීවරුන්, යුද හමුදා භට පිරිස්, නෝර්වුඩ් පොලිසියේ නිලධාරින්, වතු අධිකාරිවරුන් සහ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ද සහභාගී වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.





