පානදුර, කෙසෙල්වත්ත රිවිදෙව්ගම ශ්‍රී බෝධිරාජ විහාරාධිපති, ගොරකාන සිසුවිරු විද්‍යාලයේ විදුහල්පති පානදුර ප්‍රාදේශීය නිකාය සංඝ සභාවේ ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය කිරින්දේ පවරසෝම ස්වාමීන් වහන්සේගේ සහ ශිෂ්‍යවර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙකු ලෙස අධ්‍යයන කටයුතු කරන රාජකීය පණ්ඩිත ගම්පොළ සුනීත හාමුදුරුවන් සහ ජපන් භාෂාව සහ පරිඝණක අධ්‍යයන කටයුතු වල යෙදෙන ඕවිටිගමුවේ සුජාත හාමුදුරුවරුන් යන දෙනම අධිසීල සංඛ්‍යාත උපසම්පදාව ලැබුවා.
උන්වහන්සේලා උපසම්පදාව ලැබීම නිමිති කරගෙන පවත්වන ලද මංගල ධර්ම දේශනා එම දෙනමගේ මව් දෙමාපියන් ඇතුලු අති සම්භාවනීය පිරිසක් සහභාගි වී තිබෙනවා.
විශේෂ කටයුත්තක් ලෙස ශාසනික මෙහෙවරට සහ ජන්මදින සැමරුම ලෙස රෝයල් මාර්කටින් සමූහයේ අධිපති දේශමාන්‍ය ලංකාපුත්‍ර ව්‍යාපාර නිපුන් රෝයල් වසන්ත පෙරේරා මැතිදුන්ගේ උපන් දිනයට ආශිර්වාද කිරීමද එහිදී සිදුවුණා.
එම උත්සව අවස්ථාවට පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා සහ උප සභාපතිතුමා ඇතුලු සතර පේරුවේ දායක පින්වතුන් පැමිණ සිටියා.