Published
මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාවය හේතුවෙන් එම බන්ධනාගාරයේ දේපළ රැසකට රැඳවියන් විසින් හානි කර ඇතැයි වාර්තා වනවා.
මුලින් ප්‍රකාශ වූයේ එම බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලයට රැඳවියන් විසින් ගිනි තබා ඇති බවයි.
එහෙත් දැන් ලැබෙන අලුත් වාර්තාවලින් අනාවරණ වන්නේ එම බන්ධනාගාරයේ තවත් දේපළ රැසක් රැඳවියන් විසින් පහර දී විනාශ කර ඇති බවයි.
සිද්ධිය පාලනය කිරීම සදහා ආරක්ෂක අංශ නිලධාරීන් මේ වනවිට බන්ධනාගාර පරිශ්‍රය තුළට ඇතුල් වී තිබෙනවා.
බන්ධනාගාරය තුළ නොසන්සුන්තාව හටගත්තේ ඊයේ පස්වරු 4ට පමණයි.
එහිදී ඇති වූ ගැටුම් හමුවේ එක් රැඳවියෙකු මියගොස් තවත් රැඳවියන් පිරිසක් තුවාල ලබා රොහල් ගත කෙරුණා.
මේ අතර මහර බන්ධනාගාරය අවට ප්‍රදේශ කිහිපයක සාමය ආරක්ෂා කිරීම සදහා ඊයේ රාත්‍රි පැනවූ පොලිස් ඇදිරි නීතිය තවදුරටත් බලාත්මක බව ද පොලීසිය පැවසුවා.




