Published
මන්නාරම අධිකරණය ඉදිරිපිටදී පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මන්නාරම පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සහ මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.
තලෛමන්නාරම මාර්ගයේ ලැගුම්හලක් තුළ සැඟව සිටි එම අපරාධය සැලසුම් කළ ප්‍රධාන සැකකරු හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
ප්‍රධාන සැකකරු සන්තකයේ ජීව අත්බෝම්බයක්ද තිබී සොයාගෙන තිබෙනවා.
පසුගිය ජනවාරි මාසයේ 16වන දින මන්නාරම අධිකරණය ඉදිරිපිටදී එම ද්විත්ව ඝාතනය සිදුවුණා.




