පශ්චාත් ආපදා සමයේ සිදු කරන මෙහෙයුම්වලදී ජනතාවගේ දායකත්වය අතිශය වැදගත් බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා පවසනවා.
ඔහු කියා සිටියේ ආපදා සහන සේවා කටයුතු සඳහා ජාත්‍යන්තර සහාය පවා මේ වන විට ලැබී ඇති බැවින් ඒවා නිසි පරිදි සිදු කරගෙන යාමට ජනතා සහාය අත්‍යවශ්‍ය බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ ආපදාවට පත් ප්‍රදේශ වෙත ඇතැම් පිරිස් ප්‍රවේශ වීමේදී එහි සිදු කෙරෙන සහන මෙහෙයුම්වලට බාධා සිදුව ඇති බවට වාර්තා වන බවයි.
පීඩාවට පත්ව සිටින ප්‍රදේශවල සිටින ජනතාව සම්බන්ධ කර ගැනීම සඳහා විශේෂ දුරකථන අංක කිහිපයක් ද හඳුන්වාදී ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
මේ අතර ජනතාව පීඩාවට පත්ව ඇති මේ මොහොතේ ජනතාව තවත් පීඩාවට පත් කරන වෙළඳුන් ඇතුලු පාර්ශ්ව සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත්
චන්ද්‍රකිර්තී මහතා පැවසුවා.
ආපදා හේතුවෙන් බිඳ වැටුණු මහා මාර්ග පද්ධතිය යළි යථාවත් කිරීමේ කටයුතු මේ වන විට සිදුවන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
මේ අතර පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ කඩුවෙල සිට බත්තරමුල්ල දක්වා වූ මාර්ගය හා අතුරුගිරිය පිවිසුම ද යළි ගමනගමන කටයුතු සඳහා විවෘත කර තිබෙනවා.




