උතුරු දුම්රිය මාර්ගයයේ මහව සිට වව්නියාව දක්වා අතර පිහිටි සියලුම දුම්රිය ස්ථාන වල අබාධ සහිත වූවන්ට ප්‍රවේශ පහසුකම් සලසන ලෙස අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් මහතා ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍යවරයාට එම අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ දුමිරිය සාමාන්‍යධිකාරිවරයාට අද (18) නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මේ අතර 1996 අංක 28 දරණ ආබාධ සහිාත තැනැත්තන්ගේ අයිතිවසිකම් ආරක්ෂා කිරිමේ පනතේ 23 වගන්තිය මගින් තහවුරු කර ඇති පෙත්සම්කාර අබාධ තැනැත්තන්ගේ අයිවාසිකම් මෙම නඩුවේ වගඋත්තරකරුවන් විසින් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කල මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් මහතා මෙම නඩුවේ අබාධ සහිත පෙත්සම්කාරියට මුදලින් රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසටද ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍යවරයා එම අමාත්‍යංශයේ ලේක්මිවරයා සහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුලු වගඋත්තරකරුවන්ට නියෝග කරනු ලැබුවා.

මහව සිට වව්නියාව දක්වා අතර ඇති දුම්රිය ස්ථාන 2006 අංක 01 දරණ ප්‍රවේශ නියෝග අනුව නවීකරණය කල යුතු බවටද වගඋත්තරකරවන්ට නියෝග කල මහාධිකරණ විනිසුරුවරයා දුමුරිය දෙපාර්තමේන්තුවට වාර්ෂිකව ලැබෙන ප්‍රතිපාදන වලින් මෙම නවීකරණ කටයුතු සඳහා ප්‍රමුඛතාවය ලබා දිය යුතු බවටද නියෝග කෙරුණා.

ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍යවරායා එම අමාත්‍යංශයේ ලේකම්වරයා සහ දුමිරිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුලු වගඋත්තරකරුවන් සමඟ සාකච්චා කොට මෙම නවීකරණ කටයුතු වලට අදාළ ක්‍රියාකාරි සැලැස්මක් මෙම අධිකරණ්‍යට ඉදිරිපත් කරන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුවට තවදුරටත් නියෝග කල මහාධිකරණ විනිසුරුවරයා ප්‍රශ්ණ ගත මෙම නවීකරණ කටයුතු අවසන් වන තෙක් ඒවායෙහි ප්‍රගතිය විමසා බැලීම සඳහා මෙම නඩුව වරින් වර කැඳවීමටද නියෝග කර තිබෙනවා.

මෙසේ නියෝග කළේ ඉන්දීය ණය ආධාර යටතේ උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීමට සමගාමීව මහව සිට වවිනියාව දක්වා අතර ඇති දුම්රිය ස්ථාන සංවර්ධනය කිරීමේදී එම දුම්රිය ස්ථාන වලට ප්‍රවේශ වීමට ආබාධ සහිත පුද්ගලයින්ට පහසුකම් නොසලසා ප්‍රමිතියෙන් තොරව දුම්රිය ස්ථාන අලුත් වැඩියා කර ඇති බවට චෝදනා කරමින් ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය අනුරාධපුර මහාධිකරණය හමුවේ පවරා අති නඩුව යළි කැඳවූ අවස්ථාවේ එම නඩුවේ තීන්දුව ලබා දෙමිනි
ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ සභාපති එන් ඩී කමලාවතී මහත්මිය අනුරාධපුර මහාධිකරණය හමුවේ පවරා තිබූ මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ ප්‍රවාහන මහමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක එම අමාත්‍යංශයේ ලේකම්වරයා දුම්රිය සාමාන්‍යාධිකරිවරයා සහ උතුරු පළාත සහ අනුරාධපුර බාර ඉංජිනේරු අධිකාරිවරයා සහ නීතිපතිවරයායි.

ඉන්දීය ණය ආධාර යටතේ උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීමට සමාගමීව මහව සිට අනුරාධපුරය දක්වා අතර ඇති දුම්රිය ස්ථාන සංවර්ධනය කිරීමේදී 1996 අංක 28 දරණ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතේ 25 වන වගන්තිය යටතේ සාදන ලද අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2006 අංක 1 දරණ (ප්‍රවේශ) අනුගමනය කිරීමකින් තොරව ප්‍රශ්න ගත දුම්රිය ස්ථාන සංවර්ධනය කර ඇති බව මෙම පෙත්සම ඉදිරිපත් කරමින් පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මහාධිකරණයට කියා සිටිය.

පෙත්සම්කාරියගේ නීතිඥවරුන් ස්වකීය කරුනු දැක්වීම් වලදී තවදුටරත් මහාධිකරණයට පවසා සිටියේ 1996 අංක 28 දරණ අබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතේ 24 (1) සහ 24 (3) වගන්ති ප්‍රකාරව ආබාධ සහිත පුද්ලයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වූ අවස්ථාවකදී ඊට අදාළව අධිකරණ බලය සහ සාධාරණ සහ යුක්ති සහගත ප්‍රතිකර්ම සහ සහන ලබා දීමට පළාත් බද මහාධිකරණයකට බලය පවතින බවයි.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ අමන්දා කල්පශාකා මෙනවියගේ උපදෙස් මත නීතිඥවරුන් වන ඉසුරු පන්ඩිත සහ ධනුක කුමාරවඩු යන මහත්වරුන් පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ අධි නීතිඥ සඳුනි මලවගේ මහත්මිය පෙනී සිටියා.

මෙම නඩුව විභාග කිරීමට අනුරාධපුර මහාධිකරණයට අධිකරණමය බලය නොමැති බවට වගඋත්තරකරුවන් වෙුනවෙන් පෙනී සිටි රජයේ අධීනීතිඥවරුන් විවිධ නීතිමය තර්ක ගොඩ නැගූ පසුබිමට නඩුව විභාගයට ගෙන කෙටි කලක් තුල එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට මහධිකරණ විනිසුරු ආචාර්ය නලීන්ද හේවාවසම් මහතා සමත්වීමද විශේෂත්වයකි මේ අතර මෙරට මහාධිකරණයකින් මෙවැනි නඩු තීන්දුවක් ලබා දුන් ප්‍රථම අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.