හැටන් අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් සදහා හෙට (15) දිනයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ උපදෙස් පරිදි එම පියවර ගත් බවයි හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ. සුමති මහතා පැවසුවේ.

ඒ අනුව අනෙකුත් අවශ්‍යතා සඳහා ගුරුවරුන් සහ සිසුන් හෙට දින පාසලට කැඳවීමෙන් වළකින ලෙසද  හැටන් අධ්‍යාපන කලාපය විසින් විදුහල්පතිවරුන්ට දැනුම්  දී තිබෙනවා.