Published
නඳුන් චින්තක වික්රමරත්න හෙවත් හරක් කටා සහ මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ අතර ගැටුමක් හටගෙන තිබෙනවා.
ඒ ඔවුන් රඳවා සිටින වැලිසර නාවික හමුදා කඳවුරේ ස්ථාපිත විශේෂ බන්ධනාගාර ඒකකය තුළදීයි.
ඊයේ පස්වරුවේ රාත්රී ආහාර ලබාදීම සඳහා එහි රඳවා සිටින රඳවියන් පිටතට ගෙන ආ අවස්ථාවේදී එම ගැටුම හටගෙන තිබෙනවා.
එම ගැටුමේදී කෙහෙල් බද්දර පද්මේ සුළු තුවාල ලබා ඇති අතර ඔහු වැලිසර නාවික හමුදා රෝහල වෙත ගෙන ගොස් ප්රතිකාර ලබාදීමෙන් පසු නැවතත් වැලිසර නාවික හමුදා කඳවුරේ ස්ථාපිත විශේෂ බන්ධනාගාර ඒකකය වෙත රැගෙන ගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.



