වෙන්නප්පුව නගරයේදී කොරියානු ජාතිකයෙකුට පහරදුන් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පහර කෑමෙන් තුවාල ලැබූ 39 හැවිරිදි කොරියානු ජාතිකයා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

වෙන්නප්පුව - චාල්ස් විලියම් මාවතේ තාවකාලිකව පදිංචි වී සිටින කොරියානු ජාතිකයා සමග මීට පෙර පැවති ආරවුලක් මුල් කර ගනිමින් අදාළ පුද්ගලයා මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව - වැව පාර පදිංචිව සිටින වයස අවුරුදු 39 ක් වන පුද්ගලයෙක්.

සැකකරු අද මාරවිල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.