අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියද රැදී සිටි අවස්ථාවක කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක් සැකකටයුතු ලෙස දුරේක්ෂයකින් නිරීක්ෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශණ සිදු කරන බව පොලීසිය පවසනවා.

එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැණුනේ රාජකාරියේ නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පොලීසියට කල දැනුම් දීමක් අනුවයි.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් සැකකරු තලගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එම සැකකරුවන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදීය පොලීසිය විමර්ෂර්ණ සිදු කරනවා.